SL HACKERS
Saturday, January 7, 2017
වැඩි ගාණක් දීලා බාල බඩුවක් ගන්නවද? OPPO Phones වල ඇත්ත නැත්ත
මේ පෝස්ට් එක ලියන්නෙ මේ දවස් වල රැල්ලට වගේ කට්ටිය OPPO ෆෝන්ස් ගන්න නිසා. OPPO රැල්ල ආව මුල් දවස් වලම තමයි මාත් හරිහමන් ස්මාට් ෆෝන් එකකට බහින්න සල්ලි එකතු කරේ.ගානක් එකතු කරගෙන ෆෝන් එකක් බලන්න කඩවල් දෙක තුනකට ගියාම හොඳටම දැක්ක දෙයක් තමයි කවුරු හරි ෆෝන් එකක් බලන්න ආවම කඩේ එකා මුලින්ම බලන්නෙ OPPO ෆෝන් එකක් ඇගේ ගහන්න. කැම් එකේ කොලිටිය ගැන ලෝකෙ නැති වචන දලා බොරු ගොඩක් කියලා දන්නෙ නැති මිනිස්සුන්ට විකුණනවා. ඉතින් මං මේ ගැන පෝස්ට් එකක් ටයිප් කරන්න කම්මැලිකමේ ඉන්නකොට තමයි Facebook එකේ Senal Evans සහෝදරයගෙ මේ වටින කියන පෝස්ට් එක දැක්කෙ . ඒක කියෙව්වම ඔයාලට තේරෙයි මේ OPPO කියන Brand එකේ ෆෝන්ස් ගන්න සල්ලි වලින් ඊට වඩා ගොඩක් හොඳ Phone එකක් ගන්න පුලුවන් කියල වෙනත් Brand එකකින්
-------------------- ඇයි OPPO ---------------------
ඔව්. මීට කලින් අපේ ගෘප් එකේ ගොඩක් අය කතා උනා , මමත් කතා කරා , මේක පටන් ගන්න මුල් ගලත් තිබ්බ කෙනා හැටියට මටත් මේ ටික කියන්න ඕන හැමෝටම..
කෙලින්ම කතාව පටන්ගමුකො..
ඔප්පෝ කියන්නෙත් Huawei , Xiaomi , Meizu , OnePlus වගේ ලෝකෙම දන්න චයිනීස් බ්‍රෑන්ඩ් එකක්..
ඒත් අරවට මොකුත් නොකියා , ඒවා රෙකමන්ඩ් කරලා ඇයි ඔප්පෝ වලටම..?
ඒකට උත්තරේ.. හරි අපි ඔතන තියෙන බ්‍රෑන්ඩ් වලින් අපි ගමුකෝ Huawei , Xiaomi දෙක මේ දෙකේ දැනට මෙන්න මේ devices ගන්න. අපි බලමු මේවාගෙ දැනට යන Prices.
Huawei P9 - LKR 53500
Huawei P9 Lite - LKR 31200
Honor GR5 2017 - LKR 30500
Honor GR5 mini - LKR 22150
Xiaomi Mi 5 - LKR 45900
Xiaomi Mi 4C - LKR 24950
Xiamoi Redmi 3 Pro - LKR 26700
Xiaomi Redmi 3S - LKR 22900
Oppo R7 Plus - LKR 67500
Oppo F1 Plus - LKR 60300
Oppo F1S - LKR 35750
Oppo Neo 7 - LKR 17800
ඉහත සඳහන් කරපු මිල ගනන් ලංකාවේ All in one price list web පිටුව වන http://www.ideabeam.com හී 2016 December මස update එකෙනි.
+හරි දැං අපි වැඩේට බහිමු.
මුලින්ම කියන්න ඕන ඔය සමහර අය වැඩිය ලොකුවට බලන්නේ නැති , එච්චර ගනන් ගන්නේ නැති දෙයක් තමා මේ Chipset එක ඕක තමා මෙතනදි මගේ Main point එක වෙලා තියෙන්නේ අනික Flagship device එකක් කියන දේ හා Midrange , Super Midrange , Low end devices..
Comparision -
අරගෙන බලන්න මේ OPPO R7 Plus කියන දුරකතනය ඒක ලංකාවේ මුදලින් රුපියල් 67.500 වෙනවා ඒත් ඒකේ Chipset එක Qualcomm MSM8939 Snapdragon 615 ඒ කියන්නේ Qualcomm සමාගමේ 600 series එක වෙන Midrange chip එකක් , එතකොට මේකේ රැම් එක 3GB.
අපි කවුරුත් ආසයි එච්චර් ගානක් වියදම් කරනවනම් ලෝකේ තියෙන හොඳම ස්මාට්ෆෝන් කැමරා අතරට ගියපු හොඳ සුපිරි device එකක් ගන්න. ඒත් මේක එහෙම ද.?
මේක මේ ගානට දීලා ඒත් මේකට හැරෙන්නවත් බැරි අනිත් සුපිරි දුරකතන මොනවද මේ ගානට ගන්න පුළුවන්..?
Huawei P9 , Xiaomi Mi5 මේ දෙක ම මේකට වඩා ගොඩක් අඩුයි වගේම ගොඩක් හොඳයි මොකද මේවා ඒවා Flagship Devices.
ඒවගේම මෙච්චර ලොකු ගානක් වියදම් කරන එකේ මීට වඩා ගොඩක් පැති වලින් හොඳ Branded phones මොනවද.?
HTC One A9 :- LKR 45.000
Sony Xperi M5 :- LKR 43.000
Sony Xperi XA :- LKR 35.000
මේ වගේ වෙද්දී මේවා ගන්න පුළුවන්..
මම හැම ෆෝන් එකම කම්පෙයා කරන්න යන්නේ නෑ මෙතන. නිකමෙට ideabeam එකෙන් හෝ ඔබ දන්න ඕනෑම ස්මාර්ට්ෆෝන් ශොප් එකකින් Price බලලා ඒ Range එකේ යන වෙන Chinese Device හෝ ලොකු Flagship එකක් නම් Branded එකකින් අරන් Compare කරලා බලන්න.
මේ කියන්නේ මොකද්ද කියලා හොඳටම තේරෙයි.
OPPO ලා හැම වෙලේම භාවිතා කරන්නේ ඉතාමත් අඩු තත්ත්වේ MediaTek chipset එකක් හෝ Qualcom වල Midrange chipset එකක්.
දැං තේරෙනවනේ OPPO කියන Brand එකට මෙච්චර එක එක එවා කියන්න හේතුව..
අනික.
ඇයි OPPO ඔච්චර ගනන්. Apple , Samsung , Google , Sony වගේ branded වෙලත් නැති Chinese කෑල්ලක් මෙච්චර ගනන් උස්සන්නේ..?
එයාලා එයාලගේ Marketing වලට ගොඩක් වියදම් කරනවා , ඒ වගේම ඒවා විකුනන OPPO Resellers ලට ලොකු කොමිස් එකක් වගේම ඒ Shop වල ලයිට්බිලෙන් පවා යම් ගානක් ගෙවනවා වගේ ගොඩක් දේවල් තියෙනවා.
අනික OPPO කියන්නේ තාම Market එකේ පටන් ගැන්මේ තියෙන Company එකක් නිසා ලංකාවෙ නම් ලොකුවට Qualifications බලන්නේ නැතුව පවා Technical , Non Technical අයට Job දෙනවා ඉතිං මහත්තුරු වගේ වැඩකරන්න පුළුවන් නිසා අපේ අයත් යනවා ගිහින් එයාලගේ ලොක්කෝ තියන Conference වල කියන පච අහන් ඉඳලා ඒවගේ marketing tricks අහලා බොරුවට මිනිස්සු අන්ඳන්න හැමදේම කරනවා. කවදාවත් මේ අපි මාකට් කරන්නේ සාදාරන දෙයක් ද යම් තාක් දුරටවත් සාදාරන දෙයක්ද කියලා බලන්නේ නෑ..
අපේ මිනිස්සුත් ඉතිං ලස්සනට තියෙන නිසා , බෝඩ් ගහල තියෙන නිසා , TV එකේ යන නිසා , Selfie ගැසීම කලාවකට ගිය නිසා Selfie Expert යන නාමයද අලෝගෙන තියෙන නිසා හිතන්නේ මේක තමා Selfie වලටත් best කියලා , අතට දැනෙන්න metal feel එක එන්න පෙනුමෙන් durability එක හොඳයි වගෙ පේන්න ඒත් පපඩම් වගේ තහඩු කෑලි දාලා හදල තියෙන නිසා , අර Job අරන් උන් කියපු දේවල් එහෙම් පිටින්ම Repeat කරන අය කියන දේවල් අහලා , කොමිස් කාරයෝ කියන දේවල් අහලා මේවා ගන්නවා.. ඒත් නිකමෙටවත් බලන්නේ නෑ තමංගේ සල්ලි වියදම් කරන්නේ මොන වගේ දේකටද , මේක ගැන හොයලා බලලා සල්ලි වියදම් කරන්න ඕනද , නැද්ද කියන එක. (මේක මේ කේස් එකට නෙවෙයි කෝකටත් අපේ අය එහෙමයි , ඉතාම සුළු පිරිසයි ඉන්නේ හොයලා බලලා දෙයක් කරන)
++++ :- අවසානයට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
කඩේ අයියා කිව්ව පලියටවත් , ප්රොමෝටස් ල කිව්ව නිසාවත් (විශේෂයෙන්ම OPPO හෝ Samsung හෝ මොනම Brand එකක් වේවා ඒවගේ T shirt ගහගෙන ඉන්න අයගෙන් අහලා කවදාවත් ෆෝන් කම්පෙයා කරන්න එපා , මොකද උං බලන්නේ ඒ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න මිසක් හොඳ දෙයක් දෙන්න නෙවෙයි , ඔයා කලින්ම බලලා ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම ෆෝන් එකක් ගන්නවනම් ඒ අයගෙන් අහලා ඒ ෆෝන් එකම ගන්න ඒක ගැටළුවක් නෑ)
එහෙනම් OPPO වාදේ මෙතනින් ඉවරයි , කියන්න ඕන දේ කෙලින්ම කිව්වා , ගන්න අය ගනියි මොලේ ඇත්තෝ හිතල බලයි , ආය අපේ ගෘප් එකේ OPPO අය වෙනුවෙන් පෝස්ට් දදා ආතල් පෝස්ට් දාන්න කලින් ටිකක් හිතන්න මේ පෝස්ට් එක බලන්න.
OPPO වලට කියන්න තියෙන්නේ මෙච්චරයි " උඩින් ඔපේ යටින් හපේ " කියල තමා ඉතිං..
එහෙනම් 2017 වසර ආරම්බයේදිම Android වැඩකාරයෝ අපේ වගකීමක් ඉටු කලා අපි, මොකද අපේ රාජකාරිය තමයි ඔයාලව දැනුවත් කරන එක මේවා සම්භන්දව.
එහෙනම්..,
හැමෝටම 2017 සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!
Android වැඩකාරයෝ Admin Crew ~~
අවසානයට තවත් දෙයක් එකතු කරන්නම්. මේ දවස් වල Facebook එකේ OPPO Agentsලා ඕන තරම්. එයාලා කරන්නෙ රටේ නැති බොරු පෝස්ට් Share කරලා කස්ටමර්ස්ලව අල්ලගන්න එක.
ලෝකෙ Fastest FingerPrint Scanner එක තියෙන්නෙ OPPO ෆෝන්ස් වල (එතකොට iPhone 6S,Nexus 6P, Huawei P9. Xperia X වගේ ෆෝන්ස් වල FingerPrint Sensor වලට මොනවද කියන්නෙ )
OPPO Camera වල Quality එකට ගහන්න වෙන ෆෝන් එකක් නෑ මල්ලි (ඒ උනාට DxoMark එක පැත්තෙ ගියොත් හොඳ නරක බලන්න තියා OPPO ෆෝන් එකක් සයිට් එකේ හොයාගන්නවත් නෑ කියලා පෙනෙයි. ඕන නම් ෆෝන් එක ගන්න කඩේට යනකොට යාලුවෙක්ගෙන් i6,i7,s6,s7,p9 වගේ එකක් අරන් ගිහින් කඩේ අයියට පෙන්නන්න )
ඔයාට කඩයක් තියෙනවා කියලා හිතන්නකො.ඔයාට එක තැනකින් ලුණු පැකට් එකක් හම්බෙන්නෙ රුපියල් 15කට. අනිත් තැනින් හම්බෙන්නෙ 20ට. ඒ උනාට දෙකේම විකිණුම් මිල රුපියල් 30 නම් ඔයා බලන්නෙ කොහොමහරි 15ට ගන්න එක විකුණන්න නේද.මේකත් ඒ වගේම තමයි.නැතුව කවදාවත් දැකලා නැති ඔයා ගැන කඩේ අයියට හදිසි ආදරයක් පහල වෙන්නෙ නෑනෙ එක පාරටම. අනික් අතට ලංකාවෙ ගොඩක් අය කැමති නෑනෙ තමන්ට වැරදුනාම ඒක පිලිගන්න. ඉතින් ඒක තමයි ගොඩක් OPPO Usersලා ඒක හොඳයි කියලා තව කෙනෙක් ගන්නකන් කට වහගෙන බලන් ඉන්නෙ.
අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ කඩේ අයියගෙ කරන්ට් බිල ගෙවන්නවත්, සෙලර්ස්ලව පෝසත් කරන්නවත් නෙමෙයි තමන්ට ප්‍රයෝජනයක් වෙන විදියට ෆෝන් එකක් තෝරගන්න. ගන්න යන්න කලින්ම ගැලපෙන ෆෝන්ස් කිහිපයක් තීරණය කරලා හොයලා බලලා කඩේට යන්න. තවත් කෙනෙක් වැඩි ගානක් දිලා පපඩම් ෆෝන් එකක් ගන්න එකෙන් වලක්වන්න පුලුවන් තරම් උත්සහ කරන්න.මොකද මම දන්නවා අපි කොච්චර අමාරුවෙන්ද සල්ලි එකතු කරන්නෙ කියලා හොඳ ෆෝන් එකක් ගන්න.අනික රිතික් රෝශන් OPPO Phone එකකින් සෙල්ෆි ගහනව තමයි. ඒත් ඔයා OPPO Phone එකක් ගත්තට ඔයාට රිතික් වෙන්න බෑ කියන එකත් මතක තියාගන්න.
පෝස්ට් එක නම් ඉවරයි.
Quick Recharger App by Thiken
ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.
අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තම
රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කිරීමට පුළුවන්. වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Activate කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙම අැප් එක ඩයලොග්, මොබිටෙල්, හච්, එටිසෙලාට් සහ එයාටෙල් ජාල සදහා පමණක් වලංගු වේ.
බලන්න ස්ක්‍රීන්ශොට්.අවශ්‍ය නම් Pin අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න.http://adf.ly/1he9wr
Sri Lanka Museums
කටු ගෙදර ඇප් එකකින් යන්න දැන් පුළුවන්.
අපේ රටේ කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් එකට
ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත (ICTA) අායතනයේ නිර්මාණයක්. කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාළ කෞතුක වස්තුව පිළිබඳව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රිලනය කිරීමට ද පුළුවන්. තවද ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්ෂණය සහිත (HD) ජායාරූප ද මෙයට එක්කර තිබෙනවා.මෙමගින් විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම කෞතුක වස්තූන් නරඹන්නන්ට වැඩි දැනුවත් වීමක් සහිතව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිලිඹදව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වෙනවා. මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සහ දඹාන යන කෞතුකාගාර නරඹන්නන්ට මේ වන විට මෙම පහසුකම අත්විදීමට පුළුවන්. කොළඹ ජාතික කෞතුකාගාරය මෙන්ම ජාතික ස්භාවික විද්‍යා කෞතුකාගාරය සඳහා ද මෙම පහසුකම තවත් මාස කිහිපයකින් හඳුන්වා දීමට නියමිතය.
බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්. පිවිස Google Play Store හරහා මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකට බාගන්න.http://adf.ly/1he7th
Friday, January 6, 2017
වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 10 වලටත් ඩෙස්ක්ටොප් එකට ගැජට් දාන්න මෘදුකාංගය.
ඔයාලා දන්නවානේ වින්ඩෝස් 7 වලදී ඩෙස්ක්ටොප් එකට ලස්සන ගැජට් කිහිපයක් මයික්‍රොසොෆ්ට් විසින් හදුන්වාදුන්නා. වෙලාව බලන්න ඔරලෝසුවක්, දිනය පෙන්වන කැලන්ඩරයක්,
ප්‍රොසෙසර් සහ රැම් එක බාවිතා කරන ප්‍රමාණ ඒ අතරින් ප්‍රධාන ඩෙස්ක්ටොප් ගැජට් කිහිපය වෙනවා. ඊට අමතරව විවිධ පහසුකම් සහිත ගැජට් 20ක් පමණ මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් එකතු වෙනවා. මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් 7 වලින් පසු පැමිණි 8 සහ 10 වලින් මේ ගැජට් මෘදුකාංගය දකින්නට ලබෙන්නේ නෑ, ඒ නිසා මෙය වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 10 බාවිතා කරන අයටමෙම මෘදුකාංගය බාවිත කර ගැජට් පහසුකම සක්‍රීය කරගන්නට සිදු වෙනවා. මෙතනින් පිවිස බාගන්න වින්ඩෝස් ගැජට් පැක් මෘදුකාංගය.
මෙන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසු අලුතෙන් විවිධ ගැජට් එකතුකරගන්න ඕනෙ නම් මෙතනින් පිවිසෙන්න ගැජට් වෙබ් අඩවියට.http://adf.ly/1hb9NQ
ආරක්ෂාකාරීව මුරපදයක් නිර්මාණය කරන ආකාරය.
තාක්ෂණය භාවිතයේදී අපගේ පෞද්ගලික දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම අතිශයින්ම වැදගත් දෙයකි. මේ සදහා අපි විවිධ
ක්රමෝපායන් යොදන අතර
මුරපද යෙදීම ඉන් එකකි. email ගිණුම්, සමාජ ජාල වෙබ් අඩවි ගිණුම්, බැංකු ගිණුම්, පරිගණකය, ස්මාර්ට් උපාංග වැනි දෑ සදහා අප විසින් විවිධාකාරයෙන් මුරපද යොදාගනිිමින් එහි ආරක්ෂාව තහවුරු කර ගනියි. පරිගණකය හා අන්තර්ජාල ගිණුම් සියල්ල සදහා තනි මුරපදයක් භාවිතා කිරීම, එමෙන්ම තමන්ගේ නම යොදා අගට ඉලක්කම් යොදා මුරපදය සැකසීම හෝ තමන්ගේ පෞද්ගලික තොරතුරක් මුරපදය ලෙස භාවිතා කරන අයෙක්නම් එවැනි ගිණුම් හැක් වීමේ අවධානම වැඩිය. ඒ වගේම බොහෝ දෙනා කරන තවත් වැරද්දක් ලෙස තමන්ගේ ගිණුම් වල මුරපද කොහේ හෝ සටහන් තැබීද සිදු කරයි. මෙයින්ද ඔබගේ ගිණුම් හැක් වීමට අවධානම වැඩියි. කිසිදු පුද්ගලයෙකුට හදුනාගත නොහැකි ලෙස මුරපදයක් නිර්මාණය කරගන්නා ආකාරය පිළබදව අපි දැන් සලකා බලමු.
ඔබ මුරපදයක් සැකසීමේදී සෑමවිටද යොදා ගත යුත්තේ ඔබගේ ජීවිතයට සබ්බන්ධ නොවන දෙයකි. මේ සදහා ඔබ කැමති ගීත කොටසක් මොනයම් හෝ ඔබ කැමති වාක්‍යයක් යොදාගත හැකියි. පහත ආකාරයට ඔබ කැමති ගීතයක මුලකුරු වල ඇති ඉංග්‍රීසි අකුර යොදාගෙන තනි වචනයක් සාදා ගන්න.ඉන්පසු ඔබ තෝරාගත් අක්ෂර කිහිපයක් පහත ආකාරයට කැපිටල් කරගන්න.දැන් ඔබ ඔබගේ යතුරු පුවරුවේ ඇති ස්පෙශල් කැරැක්ටර්ස් කීපයක් පහත පරිදි එකතු කරගන්න.මෙය ඔබ විසින්ම මතක තබා ගත හැකි ලෙස ස්ථාන කිහිපයක ඇතුලත් කළ යුතුයි.අවසාන වශයෙන් ඉලක්කම් කීපයක් එක් කරගැනීම සිදු කළ යුතුයි. මෙයට ඔබ උපන් වර්ශය හෝ කිසියම් ඉලක්කමක් ඇතුළත් කරන්න.දැන් ඔබට පේනවා ඇති මේ මුරපදය කොතරම් ශක්තිමත් එකක්ද කියා. මේ ආකාරයට ඔබට සාර්ථක ශක්තිමත් මුරපදයක් ගොඩනගාගැනීමට පුළුවන්.
USSD Codes Srilanka App - Ezcodes
USSD කෝඩ් එකම තැනකින් ලබාදෙන ඇප් එකක්.
ස්මාර්ට්ෆෝන් බාවිතා කරන ඔබ දැනට සිම් පත් කිහිපයක් බාවිතා කරනවා නම් USSD කෝඩ් මතක තියාගෙන ඉන්න එක තරමක් අපහසුයි.
ගිණුමේ ශේෂය බලන්න, ගිණුම යාවත්කාලීන කරන්න, මුදල් හුවමාරු කරන්න, සේවා පහසුකම් ලබාගන්න වැනි විවිධ කෝඩ් එක් එක් සන්නිවේදන සේවා සපයන සමාගම් බාවිතා කරනවා. ශේෂය බලන්න වැනි නිතර බාවිතා කරන USSD මතකයේ තිබුණත් අනෙකුත් ඒවා මතකයේ රැදෙන්නේ නෑ. ඒ නිසා මේ ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
බලන්න ස්ක්‍රීන්ශොට්.පිවිස ඇප් එක බාගන්න. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ජංගම උපාංග සඳහා මෙය ක්‍රියාකරයි.http://adf.ly/1hb5xT
Subscribe to:
Posts (Atom)















